හෙටින් ආරම්භවන උසස්පෙළ විභාගය සඳහා විශේෂ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය හා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව එක්ව ආරම්භ කර තිබේ.
මේ අනුව උසස්පෙළ විභාගය වෙනුවෙන් සිසුසැරිය බස් රථ 1617ක් ධාවනයට එක් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නිමල් ෆර්නැන්ඩු මහතා පැවැසීය.
ඊට අමතරව කාලසටහන් අනුව ලංගම හා පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළේය.
සිසුසැරිය බස් රථවලින් විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විභාග අයදුම්කරුවන්, විභාග මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය, ගුරුවරුන්ට මෙන්ම අවශ්‍යනම් සිසුන්ගේ දෙමාපියන්ට ගමන් කිරීමට අවස්ථාව ලබාදී ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා පැවැසීය.
සිසුසැරිය බස් රථ වෙනුවෙන් කරන ගෙවීම කිලෝමීටරයකට රුපියල් 88 සිට 105ක් දක්වා වැඩි කර ඇති බවත් එක් සිසුවෙක් සිටියත් බස් රථය ධාවනය කරවන ලෙස් ඔහු සඳහන් කළේය.
කිසියම් ගැටලුවක් ඇතිවුවහොත් 1959 ක්ෂණික දුරකතන අංකය අමතන ලෙසද ඔහු සඳහන් කළේය.
මේ අතර දැනට ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර වලට අමතරව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 12කුත් මුුහුදු බඩ මාර්ගයේ ගමන් වාර 4කුත් උසස්පෙළ කාලයේදී ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය අධිකාරී එම්.ඩි. ඉදිගොල්ල මහතා පැවැසීය.
මෙම දුම්රිය ගමන්වාර 16 මීට පෙර අවලංගුකළ දුම්රිය ගමන්වාර බවත් දුම්රිය කාලසටහන අනුව දුම්රිය නියමිත පරිදි ධාවනය කිරීමට සැම පියවරක්ම ගන්නා බවත් ඔහු පැවැසීය.
යම් හෙයකින් දුම්රියක් ගැටලුවකට ලක්වුවහොත් ඊට ආසන්නව ධාවනය කරන සීග්‍රගාමී දුම්රිය මන්දගාමී කර ධාවනය කරන බවත් ඔහු පැවැසීය.